Colombo Today Local News

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

පොල් ඉඩම්වල වැලි කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පොල් ඉඩම්වල සිදුකරන වැලි කැණිම් හේතුවෙන් බරපතළ පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩුවීමක් ද සිදුවන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබුණි.

විශේෂයෙන් වයඹ පළාත තුළ මෙම කටයුතු ඉතා බරපතළ ලෙස සිදුවන බව එහිදී අනාවරණය වී ඇත.

මෙම දිනවල වෙළඳපොලේ පොල් මිල ඉහළයෑමට මෙන්ම වාර්ෂික පොල් අස්වැන්න අඩුවීමට මෙම තත්ත්වය ප්‍රබල හේතුවක් වී ඇති බව උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා ඉඩම්වල වැලි කැණිම් සිදු කිරිම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට සහ වැලි කැණිම් බලපත්‍ර යොදා ගනිමින් පොල් ඉඩම්වල කැණිම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

“ජූනිවලින් පස්සේ කන්න නැතිව දරුවන්ට මන්දපෝෂණය හැදෙයි. අඩු බර දරු උපත් වැඩි වෙයි.”

colombotoday

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් බඩුත් එක්ක අල්ලයි

Admin

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin