Colombo Today Local News

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී.

අද (10)දින පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කර සිටියේ, පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් භෝජන සංග්‍රහය නොපැවැත්වීම සුදුසු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පා.ම චමින්ද විජේසිරි මහතා,

“ඔබ තුමාගේ භෝජනා සංග්‍රහය ගැන බොහෝම ස්තූතියි. මේ වෙලාවේ 225 කැඳවනවා. රටේ ජනතාවට කන්න නැති වෙලාවේ මම ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් කොවිඩ් ප්‍රශ්නයට දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට මතකයි අපේ කරූ ජයසූරිය කථානායක තුමා පාස්කු ප්‍රහාරය දවසේ කථානායක තුමාගේ භෝජන සංග්‍රහයක් තිබුණේ නෑ. මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවටත් ඔබ තුමාටත් හොඳයි මේ තීරණය. මේක සාම්ප්‍රදායිකව තියෙන එකක් මේක නැති කරන්න කියනවා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න මේක ගැන හොඳයි.“

මෙයට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ පිළිබඳ කල්පනාකර බලන බව ද පැවසීය.

Related posts

බැදුම්කර ගැහිල්ලෙන් පාඩු ලැබූ රාජ්‍ය ආයතන තිබී ඇත්තේ එජාප මහ ලේකම්හ කබීර් හෂීම් යටතේ..

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday