Colombo Today Local News

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

දකුණු පළාතේ දෛනිකව ධාවනය වන ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව 440 දක්වා වැඩිකර ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන ගමන මණ්ඩලයේ දකුණ ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.

මේ වනවිට දුරගමන් සේවා බස් රථ ධාවනය ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පවසයි. මීට පෙර දිනපතා ධාවනය වුයේ බස්රථ 375ක් බව සදහන් කළ ප්‍රභාත් කුමාර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් මත බස්රථ ධාවනය මෙම සතියේ සිට වැඩිකිරීමට පියවරගත් බවද පවසයි. දකුණු පළාතේ ලංගම ඩිපෝ 11ක් හරහා මෙම බස්රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පවසයි.

බස්රථ ධාවනය වැඩිකිරීමත් සමග ශ්‍රී ලංගමයේ දෛනික ආදායමද රුපියල් ලක්ෂ 51 දක්වා වැඩිවී ඇති බවද හෙතෙම පවසයි. මීට පෙර රුපියල් ලක්ෂ 41ක දෛනික ආදායමක් ලැබු බවත් එම ආදායම මේ වනවිට ලක්ෂ 51 දක්වා වැඩි වී ඇති බවද ප්‍රභාත් කුමාර මහතා පවසයි. සියලුම සිසු සැරිය බස්රථද මේ වනවිට ධාවනයට එක්කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මහින්ද පැරදුනේ කහ ඉරි අනිවාර්ය කරපු නිසයි – බැසිල්ගෙන් අමුතු කතාවක්

colombotoday

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

colombotoday

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

colombotoday

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

colombotoday

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනයයි “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාවට අවධාරණය කරයි

colombotoday