Colombo Today Local News

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ආසන්නයේ විරෝධතාවක නිරතව සිටී.

ඔවුන් එලෙස විරෝධතාවේ නිරතව සිටින්නේ, අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලමිනි.

කෙසේ වෙතත් පොලීසිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග මාර්ගය මේ වනවිට මාර්ග බාධක දමා වසා දමා තිබේ.

පොලීසිය, විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

ලංකාවේ අවුරුදු 18ට වැඩි “හතරෙන් එකක්” දුම් බොන්නන්

colombotoday

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday