Colombo Today Local News

දින එකහමාරක් ඉන්ධන පෝලිමේ සිටි තවත් පියෙක් මිය යයි

ඉන්ධන පෝලිමේ දින එකහමාරක් පමණ පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ගයාන් ශසික පෙරේරා නැමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු පසුගිය 18 වන දින බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර නිදිවර්ජිතව පෝලිමේ රැදී සිට පෙරේදා (19) පස්වරුවේ ඉන්ධන රැගෙන නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා ඇත.

ඉන්පසු ඔහු බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන ලෙස පැවසීමෙන් අනතුරුව ඔහුව එම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

බණ්ඩාරගම දිසා රෝහලෙන් ඔක්සිජන් ලබා දුන්නේ නම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බව මියගිය පුද්ගලයා පරීක්ෂා කල හොරණ රෝහලේ වෛද්‍යවරියක් ප්‍රකාශ කර තිබේ.

දේහය කළුතර බණ්ඩාරගම පාරේ වෑවිට නිවසේ තැන්පත් කර ඇති අතර අද (21)දින අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday