ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙක ද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබේ.
ඊයේ (19දින) රාත්රියේ සිට ඔවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර විරෝධතාවල නිරත විය.
එම පිවිසුම් දෙකේ ස්ථාපනය කර ඇති ගේට්ටු මත ද නැග විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කළහ.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73ක් ගත වී ඇත.