Colombo Today Local News

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

එම කමිටුව පවසන අන්දමට මෙම කෞතුකාගාරය හා සිනමා පාසල ඉදි කෙරෙන්නේ රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මතය.

මේ කෞතුකාගාරය සහ සිනමා පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 5 වැනිදාය. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි මස 10 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුණද ඒ කටයුතු අතරමග නතර වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

කෝප් කමිටුව කළ විමසුමකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අභ්‍යන්තර විගණක පවසා ඇත්තේ එම කටයුත්ත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවයි.

එම ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල් ඉදිරිපත්වූ බවත් ඉන් ලක්ෂ 40ක බිල්පත් නිරවුල් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට ප්‍රකාශයක් ලබාදී ඇති සංස්ථාවේ නිලධාරියකු පවසා ඇත්තේ එම ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු පත් කර ඇති බවයි.

Related posts

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

පවිත්‍රාට කැපිල්ලක්

Admin

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday