Colombo Today Local News

විදෙස් මුදල් විශුද්ධිකරණය කල 4 ක් STF අත්ඩංගුවට

රුපියල් එක්කෝටි අසූහය ලක්ෂ අනූපන්දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය පිටකොටුවේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත, කොළඹ 15, අලුත්කඩේ සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 31, 41, 51 යන වයස්වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් භාණ්ඩ පහතින්..

  1. ශ්‍රි ලංකා වලංගු මුදලින් රුපියල් 18,695,000.00 යි.
  2. විදෙස් මුදල් රුපියල් 432,502 යි.
    (ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 යි.
    ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06 යි.
    කුවේට් ඩිනාර් 01 නොට්ටු 07 යි.
    කටාර් රියාල් 100 නෝට්ටු 01 යි.
    සිංගප්පූරු ඩොලර් 50 නෝට්ටු 01 යි.
    ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09 යි.
    යුරෝ 200 නෝට්ටු 01 යි.)
  3. ජංගම දුරකථන 04 යි.
  4. ගනුදෙනු සටහන්කල ලේඛන 02 යි.

Related posts

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Admin

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday