Colombo Today Local News

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

වී සඳහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ලබාදෙන ලෙස මහවැලි බී කලාපයේ ගොවී නායකයින් රජයෙන් ඉල්ලයි.

රජය විසින් වී සඳහා පනවා ඇති පාලන මිලට විරෝධය පළ කරමින් කැඳවු මාධ්‍ය හමුවකදී ගොවීන් මේ බව කියා සිටියේය.

“එදා අපිට හතුරෙක් වෙලා හිටපු මෝල් හිමියෝ, පෞද්ගලික වෙළෙන්ඳන් අද අපේ මිතුරෙක් වෙලා ඉන්නවා. අපිට සාධාරණ මිලක් දුන්නේ මේ මහමොල් හිමියෝ. ගුරුවරුන්ට පුළුවන් නම් උගන්නන්නේ නැතුව ඉන්න.. අපිටත් පුළුවන් කුඹුරුවලට බහින්නැතුව ගෙදරට වෙලා ඉන්න. අපි ආණ්ඩුවට කියනවා එන කන්නේ අපි කුඹුරු වැඩ කරන්නේ නෑ.” යැයි ගොවීන් සඳහන් කරයි.

මේ අතර වී සඳහා පාලන මිලක් නියම කිරීමට විරෝධය පළ කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වී මිටි රැගෙන අද ප්‍රාදේශීය සභාව වෙත පැමිණ තිබුණි.

Related posts

කොටි මැරූ දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය වෙයි!

Charith Sankalpana

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

Admin

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday