Covid 19

ඊයේත් වැඩිම කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම කොළඹින්

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 295 දෙනෙකු ඊයේ (06) වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් 649 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 87 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙකු ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගෙන තිබුණි.

මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරින් ආසාදිතයින් 24,318 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 17,052 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 27,876කි.

ඉන් 20,459 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවදුරටත් රෝගීන් 7,277 දෙනෙකු රෝහල් තුළ සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටි.

කොවිඩ් -19 ආසාදිතව මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 140ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

colombotoday

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

colombotoday