Colombo Today Local News

IMF ණය ආධාර අත්හිටුවයි…

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව 2016 ජූනි මාසයේ 03 දින ශ්‍රී ල‘කාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් තුන් අවුරුදු ව්‍යාපෘතියක් සහ 185%ක කෝටාවක් අනුමත වී තිබුණා. ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කිරීමට සිටි මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකි වෙනවා.

මෙම ව්‍යාපෘතියට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ක්‍රියාවට නැංවූ ඉන්ධන මිල සූත්‍රය ද ඇතුළත් ව තිබුණා.  නමුත් යහපාලන ආණ්ඩුව හදිසියේ වෙනස් වීමත් සමඟ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වීම හා එම ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට පටහැනි වීම හේතුවෙන් මේ අයුරින් සිය ආධාර ලබා දීම නතර කර තිබෙන බව එහි ප්‍රකාශක ජෙරි රයිස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

Related posts

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

colombotoday

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin