Colombo Today Local News

ඉදිරියට එන්නේ මහ නරක කාලයක්… දැන්ම මඤ්ඤොක්කා බතල හිටවන්න පටන් ගන්න

somawansa amarasinghe

ඉදිරියට එන තත්ත්වය හොඳ නැති නිසා මඤ්ඤොක්කා බතල හිටවන්නැයි තමන් ජනතාවට කියන බව ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියයි.

බදු වැඩි කිරීම තුළින් ආර්ථිකය කඩා වැටී ඇති බව පෙන්නුම් කරන බවත්, අගමැතිවරයා රටේ ඇති ප්‍රශ්න ගැන කියන්නේ භාගයට බවත්, ආර්ථිකය ගොඩගැනීමට ඔහුටද හැකියාවක් නැති බවත්, ඒ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රැකියා දසලක්ෂයක්, නිවාස ලක්ෂ 5ක්, මෙගා පොලිස් මෙවැනි ලොකු ඉලක්ක ගැන කතා කිරීමට පෙර අඩු තරමින් ආහාර සුරක්ෂිතතාවය හෝ ඇති කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත්, සංශෝධන ප්‍රමාණවත් බවත්, ජනාධිපති ධූරයේ බලතල පවා අඩු කිරීමට නොහැකි වූ බවත්, පැවසූ ඒ මහතා මේ යන විදියට ගිහින් ජනාධිපති ධූරය අගමැතිවරයාට දෙනු ඇතැයිද පෙන්වාදුන්නේය.

Related posts

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

Admin

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියාගේ මළ සිරුර කටුනායකට

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday