පසුගිය ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය පරිශ්‍රය නැරඹීමට ආ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල් බලකායේ සාමාජිකයන් පහරදීමට උත්සාහ කළ බවත්, තමන් පිස්තෝලයක් රැගෙන දිව්වේ එජාප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට බවත් බෙලිඅත්ත ආසනයේ නව ශ්‍රීලනිප සංවිධායක එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.