Colombo Today Local News

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Slupfaඑක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඊයේ(04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මීට අමතරව විනය විරෝධීව හැසුරුණු සෙසු නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර තීරණයක් ගැනීම සඳහා විනය කමිටුවට පැවැරූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

Admin

සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 3ක් යළි කැඳවෙයි

Admin

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට. – මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි?

colombotoday

දෙමළ බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලූ සියළු ඉල්ලීම් අලුත් ව්‍යවස්ථාවෙන් දෙන්න සියල්ල සූදානම් !

colombotoday