Colombo Today Local News

දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා – ලැසිල්

දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවෙන් තම ඉවත් කළේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස  පිළිබඳව එල්ලවූ චෝදනාවක් විමර්ශණය කිරීම නිසා බව  එම කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

දූෂණ විරෝධි පෙරමුණ අද (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 

පසුගිය රජය සමයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස ආයතනය අක්‍රමික ලෙස සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වීමේ දී ඇතිවූ දුෂණයක් පිළිබඳ විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් කෙරුණු බවයි.

සිය කොමිසමේ ආරම්භක යුගයේදී විවිධ දුෂ්කරතා පැන නැගුනද ජනාධිපතිවරයා මැදිහත් වී කොමිසමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය දැක්වූ බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.  

ඇතැම් දූෂණ පිළීබඳ  ප්‍රශ්න කීරීම් සහ විමර්ශණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට ඉතා තදබල තීරණ ගැනීමට සිදුවූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, ලංකා බැංකු හිටපු සභාපති රැසිරුපාල තෙන්නකෝන්, පුජ්‍ය උලපනේ සුමංගල හිමි, කීර්ති තෙන්නකෝන්, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

Related posts

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

Admin

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday