Uncategorized

උතුරේ නාම පුවරු අලුත් වෙයි… සිංහල විකෘති වී දෙවැනි තැනට වැටෙයි…

උතුරේ සඳහන් නාම පුවරුවල නාමයන් යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සඳහන් නොකරන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ පළාත් පාලන නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු බොහෝ ස්ථානවල එලෙස අලුතින් සඳහන් කළ නාම පුවරු දැක්වුණත් ඒවායේ ගැටලු රැසක් පවතින බව වාර්තාවේ.

ප්‍රධාන අමාත්‍යවරයා එහිදී උදාහරණයක් ලෙස පෙන්වා දී තිබුනේ ”නාගදීපය” යනුවෙන් ගමක් නැති බවත් එය සියලු භාෂාවලින් නයිනතීව් වශයෙන් සටහන් විය යුතු බවයි.

විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් දෙමළ භාෂාවට පසුව ඉංග්‍රිසියෙන්ද අවසානයට ඒ නාම සිංහල භාෂාවෙන්ද සඳහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබුණි.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල ග්‍රාම නාම හා ස්ථානීය නාම වෙනස් කොට නව පුවරු සැකසීම ආරම්භ කර ඇත.

නමුත් යාපනයේ සිටින සිංහල පිරිස් කියා සිටින්නේ එම නාම පුවරුවල අකුරු සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැම් ස්ථානවල තේරුම් ගැනීමට අපහසු වැකි පවා දක්නට ඇති බවයි.

යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම් යෙදීම කුමන පිළිවෙලකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබා ගත යුතුව ඇති බවයි.

ඡායා- නෙත් නිවුස්

Tamail Sinhala 1

Tamail Sinhala 2

Tamail Sinhala 3

Tamail Sinhala 4

Tamail Sinhala 5

Related posts

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

මුස්ලිම් පිරිසක් එක්වී තව්හිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි !

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

“මහ රජාව ජනෙල් පඩියේ එල්ලුවා වගේ තෝව පොළොන්නරුවේ වෙලේ හිටවනවා”

colombotoday