Colombo Today Local News

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු හෙට (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ‘කොත්තු බාස්’ නමින් හඳුන්වන සැකකාරව අද (31)දින පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර ඇත.

අටුලුගම පදිංචිව සිටි සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම සහ සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday