Colombo Today Local News

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිටදී අද (25)දින දිවුරුම් දීමට නියමිතය.

වෙනත් විෂයන්වලට ඇමැතිවරුන් දිවුරුම් දී ඇතත් මුදල් ඇමැතිවරයකු මෙතෙක් දිවුරුම් දී නොතිබිණි. මුදල් ඇමැති ලෙස දිවුරුම්දීමෙන් පසු සිය පළමු රාජකාරිය සහන අයවැයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ වාණිජ මණ්ඩල හා ආර්ථික උපදේශකයන් සමග පෙරේදා (23)දින අගමැති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ප්‍රාග්ධන වියදම් අඩු කර එම මුදල් සුභසාධන කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු කිරීමටද අගමැතිවරයා තීරණය කර ඇත. ඩොලර් වැඩි වශයෙන් ලංකාවට ගෙන ඒම සඳහා වූ විවිධ ක්‍රමවේද ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

Related posts

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

මහයියාවට සංචරණ සීමා

colombotoday

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin