නගර සභාවට අයත් ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.
මේ පිලිබදව සාකච්ඡා කිරීම සදහා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ චම්පික රණවක අමාත්‍යවරයා හමුවී ඇති අතර, අවශ්‍ය ඉඩම් තම අමාත්‍යංශයට කෙසේ හො පවරාගන්නා බවත්, අවශ්‍ය කටයුතු නිලධාරීන් සමග සාකච්ඡාකරගන්නා ලෙසත් පවසමින් අමාත්‍යවරයා රැස්වීමෙන් නැගිට යෑමට උත්සාහ කර ඇත.
එහිදී දැඩි ලෙස උරණ වූ නාගරික මන්ත්‍රීවරුන් අමාත්‍යවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර, එවකට ගෝඨාභය රාජපක්ෂ මහතා පවා මෙලෙස හැසිරුණේ නැති බවත්, එජාප මන්ත්‍රීවරුන් වූ තමන් සමගත් ඔහු සුහදශීලීව කටයුතු කළ බවත් සදහන් කර ඇත.
ඇමති චම්පික රණවක මහතා එජාපය පරාජය කිරීමට උත්සහා කරන බවත්, නිලධාරීන් සමග සාකච්ඡාකිරීමට තමන්ට අවශ්‍ය නොමැති බවත් පවසමින් එජාප නාගරික මන්ත්‍රීවරුන් පිරිසද රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව වාර්තා වේ.