Colombo Today Local News

සොයුරන් සිව් දෙනා රහසේ හමුවෙයි.. ජනාධිපති අපේක්ෂකයා ගැන අවසන් තීරණය ගනී…

පසුගිය දිනවල පොහොට්ටු පක්ෂය තුළ දේශපාලන කුණාටුවක් හටගෙන තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මීට මුල්වුණේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බවයි.

ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට නියෝජ්‍ය කතානායක පුටුවට එන්න බැරිවුණෙත් මේ කුණාටුවේ ප්‍රතිපලයක් ලෙසයි. කෙසේ වෙතත් මේ ආරවුලට බලපෑ ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධයේ අපෙක්ෂකකම දෙන්නේ කාටද යන ප්‍රශ්නයයි.

වැඩි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලද්දී තවත් පිරිසක් බැසිල් රාජපක්ෂට අපෙක්ෂකත්වය දෙන්නැයි ඉල්ලීම නිසා මේ අරගලය වඩාත් උග්‍රවී තිබෙනවා.

ඒකාබද්ධයේ ගෝඨා, බැසිල් හිතවාදීන් ඒ ඒ පාර්ශවවලට ඇනුම්පද කීමට තරම් මේ තත්ත්වය දුරදිග ගිය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් මේ තත්ත්වය විශාල ගැටළුවක් වීම නිසාම මේ දේශාපලන කුණාටුව සමනය කරන අදහසින් රහසිගත හමුවක් කැදවීමට පසුගිය සතියේ ඔහු තීරණය කර තිබෙනවා.

නුගේගොඩ සමීපයේ ඇති රාජපක්ෂ පවුලේ සහෝදරියකගේ නිවසේ බොහෝම ප්‍රීතිමත් සැඳෑ සාදයක් සමග භෝජන සංග්‍රහයක් ලෙසයි මේ හමුව සිදු වී තිබුණේ.

මහින්ද සමග මෙම හමුවේ දී එක් වී තිබුණේ චමල්, ගෝඨාභය සහ බැසිල් යන සොයුරන් සිව් දෙනා පමණක් බව ද වාර්තා වෙනවා.

පැය ගණක් තිස්සේ සොයුරන් කතාබහේ නිරත වී ඇති අතර ජනාධිපතිවරණය ගැන රාජපක්ෂ පවුලේ අවසාන තීරණය ඒ අතරේ දී ගෙන ඇති බව ද පැවසෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන රාජපක්ෂවරයා කවුරුන්ද යන්න ගැන අවසන් තීරණය ගත් බව පමණක් පිටට ආරංචි වූ අතර එම තීරණය නිසි වේලාව එන තුරු රහසක් ලෙස තබාගන්නටයි සොයුරන් සිව්දෙනා එකඟ වී ඇත්තේ.

“ජලයට වඩා ලේ බැම්ම ගොඩක් ලොකුයි” කියන කතාව නැවත වරක් තහවුරු කරලා සොයුරන් සිව්දෙනා විසිර ගිය බවයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

“අපේ සංහිඳියාව විවේචනය කරන අයට ඉස්සරහට අඬන්න වෙයි“ – ජනපති

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ලන්ඩනයේ !

colombotoday