World

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය අධිබලැති බෝම්බයක් හමුවීමත් සමග ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නුවර පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කිලෝග්රෑ්ම් 500ක පමණ බරින් යුතු එංගලන්තයේ නිෂ්පාදිත එම බෝම්බය ඉදිකිරීම් භූමියක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එම ස්ථානයට මීටර් 700ක් පමණ ඇතුළත ප්‍රදේශයේ පදිංචිකරුවන් 13,000 පමණ පිරිසක් තාවකාලිකව ඉවත්කර බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා බලධාරීන් කටයුතු කර තිබුණි.

දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 75ක පමණ කාලයක් ගත වුවද ජර්මනියේ විවිධ ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු අතරතුර මෙවැනි පුපුරා නොගිය බෝම්බ සොයාගැනීමේ සිදුවීම් මීට පෙර ද වාර්තා විය.

Related posts

මෝදිගේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

colombotoday

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday