Colombo Today Local News

පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ වේලාව සඳහන් කරමින්, ජනාධිපතිවරයාගේ අණ පරිදි 2018 අප්‍රේල් මස 23දා (සඳුදා) අංක 2068/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ඊට අදාළ නොවන අනු ව්‍යවස්ථාවක් ඇතුළත් කරමිනි.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් – වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන මම වර්ෂ දෙදහස් දහඅටක් වූ මැයි මස අටවැනි දින පස්වරු 2.15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුයි” යනුවෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් – වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යස්ථාවේ සඳහන්ව ඇත්තේ, “යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය” යනුවෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බවත්, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2018 මැයි මස 08 වැනි දිනය නියම කරන බවත් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් අප්‍රේල් 12 දා නිකුත් කරනු ලැබීය. එය නිකුත් වූයේ පාර්ලිමේන්තුව රැස්වන වේලාවක් සඳහන් නොකරමිනි.

Mawubima

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

අනාගතයේදී වන්දි ගෙවන්න වෙයි. බලු බද්ද යෝජනා කෙරූ දඹුල්ල නගරාධිපති ඕපාත වාර්තා කරුවන්ට තග දමයි.

colombotoday

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

colombotoday