Colombo Today Local News

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙන ආවේ සැබැවින්ම රනිල් පරාජය කර ගෙදර යැවීමේ අදහසින් නොව, රනිල්ට සහාය දෙන මැති ඇමතිවරු හෙළිදරව් කිරීමට බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ඊයේ මාතරදී පැවසීය.

“අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි.අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා.අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි මන්ත්‍රීවරයා කීවේය.

මාතර මහ නගර සභාවේ අභිනව පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම වැඩ භාර ගැනීම සඳහා පැවති උත්සවයේදී ඔහු ඒ බව කීය.

Related posts

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

Admin

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

Admin

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday