Colombo Today Local News

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගය අගමැතිවරයාට එතරම් සුබදායි නොවන බව දන්නා ඔහු වටේ ඉන්නා පිරිස ක්‍රමයෙන් ඔහුගෙන් ඉවත් වෙමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඊයේ (25) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“සතියක්වත් ගත වුණේ නෑ මේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව බාර දීලා. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ තමයි දැන් අග්‍රාමාත්‍යවරයා වටේ හිටපු අය එළියට පනින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අය දන්නවා මේ විශ්වාසභංගය අග්‍රාමාත්‍යවරයාට එතරම් හිතකර නොවන බව ඒ අය දන්නවා. ඔවුන් ඒක පැහැදිළිවම තේරුම් අරගෙන තියනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේත්, ආණ්ඩුවෙත් සියළු දෙනා අතරත් දැවැන්ත පිපිරීමක් අපි දකිනවා මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග.

කියමන්ක් තියනවා බල සුබ නිමිති පෙරමග ලකුණටත් වැඩි කියලා. විශ්වාසභංගය සුබ නැකතට බාර දුන්නාට පස්සේ පෙරමග සුබ නිමිති පහළ වෙලා තියෙනවා. ඒනිසා විශ්වාසභංගය කියන්නේ අවුරුදු තුනක වගාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ ඉදගෙන මහ බැංකු මංකොල්ලය වැරදියි කියපු අයට, මහ බැංකු මංකොල්ලය විවේචනය කරපු අයට වගේම ආණ්ඩුවේ ඇතුලේ හිටියත් මහ බැංකු මංකොල්ලය වැරදියි කියලා හිතේ තියන් හිටපු අයට ඔන්න 4 වෙනිදාට අවස්ථාව හිමි වෙලා තියනවා තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන් මේ රටේ සුජාත මන්ත්‍රිවරුන් කියලා පෙන්වන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් හිමි වෙලා තියෙනවා.”

Related posts

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

මන්ත්‍රී ධුරය අහෝසි කර සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි… ලිපිය මැතිවරණ කොමිසමට !

colombotoday

සංහිදියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday