Colombo Today Local News

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

රටේ ජනාධිපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු විසින් අද(6)දින පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

එය තමන්ගේ පුද්ගලික මතය බවද ඔහු පැවසීය.

රට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයෙක් අවශ්‍ය බවත්, එය කවුරුන් හෝ භාරගත යුතු බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

“මහජනතාවට අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනෙ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.
මේක මගේ පෞද්ගලික මතය, කවුරුත් නැත්නම් භාරගන්න හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම.
ප්‍රශ්නයක් නෑ, මාස 6කටයි.
මාස 6කට ජනාධිපතිකම දෙනවා. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ, එතුමා බලාගෙන ඉන්නවා. ඊළග ඡන්දයෙන් පස්සේ ගන්න.
හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනෙ. මේ රට කරන්නේ නැත්නම් කොහොමද අපි තව මාස 6ක් ඉන්නේ.”

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

colombotoday

විදුලි බිල ගැන පාඨලීගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Admin