මොන රාජපක්ෂවරයෙක් 2020 ජනාධිපතිවරණයට ආවත් පොදු අපෙක්ෂකයෙක් දමා ඔහුව පරද්දවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
තංගල්ලේදී පැවති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියාය සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හම්බන්තොට “GDR“ එත තිබෙනකල් අපට දිනන්න බෑ යනුවෙනි.
ජනහමුව අවසානයේ රැස්විමට පැමිනි අයෙක් ඇමතිවරයාගෙන් GDR එක යනු කුමක්දැයි විමසූ අවස්ථාවේදී ඇමතිවරයා පවසා ඇත්තේ ‘ඕක තේරෙන්නෙ නැද්ද බන් එක කිවිවෙ ගොවිගම,දුරාවෙ,රදා කියන එක කෙටිකරලා.’