රෝහල්වල රෙදි සේදීමේ කොන්ත්රාත්තුව ඉන්දීය සමාගමකට පැවරීමට එරෙහිව ඉදිරි දිනවලදී විරෝධතාවක් පවත්වන බව රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමය පවසයි.
බස්නාහිර පළාතේ රෝහල්වල රෙදි පිරිසිදු කිරීමේ කටයුත්ත ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රජය මෑතකදී ගිවිසුම්ගත විය.
තම ආදායම් මාර්ගය ඉන්දීය සමාගමකට පැවරීම අසාධාරණ බවත් වහාම මෙම ගිවිසුම අහෝසි කල යුතු බවත් සංගමය කියයි.