රනිල් වික්රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.
මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.