හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මේවන විට ජයග්‍රාහකයා වී අවසන් බවත්, අගමැති සටන ඇත්තේ අනුශූරයා වීම සඳහා බවයි.
අනුශූරයා වන්නේ කවුදැයි දැක ගැනීමට තමන් බලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා රනිල් අගමැති කරන්නේ නම් අනෙක් පැත්තට ගිය අය රනිල් ළඟට යන බවත්, ජනපතිවරයා නිමල් අගමැති කරන්නේ නම් රනිල් ළඟ සිටින අය නිමල් ළඟට යන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.