Colombo Today Local NewsWorld

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුපක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් පාරජයට පත්වීම නිසා මෙරට දේශපාලන පිටිය දැඩි කැළඹීමකට ලක්ව පවතිද්දී, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉල්ලා අස්වූ පුවතක් අප්‍රිකානු රටවල් දෙකකින් වාර්තා වනවා.

ඒ දකුණු අප්‍රිකාවෙන් සහ, ඉතියෝපියාවෙන්.

ඉල්ලා අස්වන්නැයි පාලක පක්ෂයෙන් එල්ලවූ දැඩි බලපෑම මත දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනාධිපතිවරයාට එල්ලවූ දූෂණ චෝදනා හේතුවෙන් ඔහුට එරෙහිව රටතුළ දැවැන්ත විරෝධයක් මතුව පැවති බවයි.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය සූමාට ධුරයෙක් ඉවත්වන්නැයි බලකළත්, චෝදනා වලට අභියෝග කරමින් ජනපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට උත්සහා කළ අතර, එහෙත් එම උත්සාහය අසාර්ථක වීම නිසා, එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරය අතහරින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉතියෝපියානු අගමැතිත් ඉල්ලා අස්වෙයි

මේ අතර ඉතියෝපියානු අගමැතිවරයා වන හෙයිල්මරියම් ඩිසැලින් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන යා හැකි ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබා දෙමින් තමා ඉල්ලා අස්වන බව ය.

හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණේ 2012 වසරේ අගෝස්තු 20 වන දා ය.

එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

colombotoday

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin