Colombo Today Local News

මහින්දට අනතුරු ඇගවීමක් !!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය ඉදිරි ජනාධිපතිවරණයකදී ලබා ගැනීම සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදේශකයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව ඊයේ (13 දා) සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයන් පවසන පරිදි කටයුතු කළ හොත් මෙවර ප්‍රතිඵලය ඉදිරියේදී බලාපොරොත්තු නොවන ලෙසත් , ඊළඟ රජයේ කටයුතු පවත්වාගෙන යාම ගැන ඔහු සොයා බැලිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

නාවල රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ගනු ලබන තීරණ කෙරෙහි ජාතික සංවිධානය අවදියෙන් බලා සිටින බවයි.

දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට උපදේශකයන්ගෙන් හා ඔහු වටා සිටි ඇතැම් පුද්ගලයන්ගේ මැදිහහත්වීම් බලපෑ ආකාරය සිහියේ තබාගෙන ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවයි.

Related posts

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday