Colombo Today Local News

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

නිවැරදි කිරීම:
මෙම පුවත සඳහා හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චායාරුපයක් අතපසුවීමකින් යොදාගන තිබූ අතර, පසුව අප කතෘ මණ්ඩලය විසින් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලදි. ඒ හේතුව මත අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට හානියක් සිදුවීනම්, අප කතෘ මණ්ඩලයේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.

එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් ගේ දැඩි අවධානයකට ලක්ව ඇති බවයි.

ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අතිහිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවද ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන එල්.ටී.ටී. හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

 

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2045496189053187/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්

Admin

කොරෝ­නා­වෙන් දරුවන් දෙන්නා බේරා ගන්න නීති විරෝධී ලෙස බෝට්ටු­වෙන් ලංකා­වට ආ රම්මු­ගන් රවායි

colombotoday

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

colombotoday

බලධාරීන් දැන්වත් ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි – GMOA

colombotoday

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

colombotoday