Colombo Today Local News

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද අළුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ එහි රඳවාගෙන සිටින, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහායි.

උදයංග වීරතුංග ඇමරිකා එක්සත් ජනපදය වෙත යාම සඳහා ඩුබායි ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඩුබායි පොලීසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව උදයංග වීරතුංග මුදාහැර ඇති බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් ඩුබායි පොලීසිය මේ බව ශ්‍රී ලංකාව වෙත දන්වා ඇති අතර ශ්‍රී ලංකා පොලීසියේ ඉල්ලීම මත උදයංග වීරතුංග තවදුරටත් රඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ශ්‍රී ලංකා හමුදාව වෙත මිග් යානා මිලදී ගැනීමේ ගණුදෙනුවකදී ඔහු මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වූ අතර අධිකරණය නියෝග කළේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් ඔහු අධිකරණය මගහරිමින් දිගින් දිගටම විදෙස්ගතව සිටි අතර පසුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කෙරිණි.

Related posts

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

ISIS ත්‍රස්තවාදීන් භාවිතා කරන Captagon-Fenethylline මත්පෙති තොගයක් මඩකලපුවෙන් මතුවෙයි !

colombotoday

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday