Colombo Today Local News

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

පළාත් පාලන ඡන්ද විමසීම සිදුවන දා යම් නොසන්සුන්කාරී තත්ත්වයත් මතු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්තිවලට අනුව වෙඩි තැබීමේ බලය පොලිස් නිලාධාරියෙකු සතුව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් ගිනි අවි සහිතව යොදවන බවද පැවැසීය.
යම් මධ්‍යස්ථානයක නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වුවහොත් ‍පොලිස් නිලධාරීන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ එම නිලධාරීන් දැනුවත් වී සිටින බවද දණ්ඩ නීති සංග්‍රහයේ 92/4 වගන්තියේ සීමා කිරීම්වලට අදාළව එම වෙඩි තැබිම සිදුකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin