Colombo Today Local News

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

වසර පහකට පෙර 2013 වසරේ රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද වන විට රුපියල් 250 දක්වා පහත වැටීම නිසා කුඩා රබර් වතු හිමියන්, රබර් කිරි කපන්නන් හා ඒ ආශ්‍රිතව ජීවිතය ගැට ගසා ගන්නා ලක්ෂ ගණනක ජනතාවක් දැඩි ආර්ථික අහේනියකට පත්ව සිටිති. කුඩා රබර් වතු හිමියන්ගේ ප්‍රශ්නවලට මේ දක්වා රජයේ කිසිම බලධාරියකුගේ අවධානය යොමුව නොමැති බවද කුඩා රබර් වතුහිමි පිරිසක්  පැවැසූහ.

2018 ජනවාරි මාසයේ රුපියල් 290ක්ව පැවැති රබර් කිලෝව අද වන විට රුපියල් 250ක් දක්වා අඩු වී ඇති බැවින් දැන් රබර් කිරි කැපීම අත්හරින්නට සිදුව ඇතැයිද ඔවුහු පැවැසූහ.

පුවත්පත්වල දැන්වීම්වල අද රබර් මිල බැලුවහොත් රුපියල් 330.00කි. එහෙත් කුඩා රබර් වතු හිමියන්ට ගෙවනු ලබන්නේ රුපියල් 250ක් වැනි සොච්චම් මුදලකි.

රබර් පාලන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට ඉදිරිපත් නොවීම ඉතාමත් කනගාටුවට කරුණක් බව කුඩා රබර් වතු හිමියෝ කියා සිටිති.

හෙට වන විට රබර් කර්මාන්තයේ මළගම උදාවීමට ඉඩ නොදී අඩුම වශයෙන් එක් කිලෝවකට රුපියල් 320ක් වත් ලබාදෙන ලෙස කුඩා රබර් වතු හිමියෝ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රධාන රබර් පාලන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ අතර රබර් නැවත වගා කිරීම සඳහා බට් රබර් පැළ නිෂ්පාදනයේ යෙදුණු පිරිස්වලට පසුගිය වසරේ සිට එක් රබර් පැළයක්වත් විකුණා ගන්නට බැරි තත්ත්වයක් උදා වී තිබේ. එසේ වී තිබෙන්නේ රබර් නැවත වගා කිරීමට එම වගාවේ යෙදී සිටි බහුතරය ඉදිරිපත් නොවීමයි.

Related posts

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

Admin

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday