Colombo Today Local News

වසර 18කට පසු ලංකා සිතියම වෙනස් වෙයි.. දකුණ, නැගෙනහිර වෙරළේ වෙනසක්..

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන නව ශ්‍රී ලංකා සිතියමේ සිතියම් 65ක කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙන අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා කියා සිටී.

මෙලෙස ශ්‍රී ලංකාවේ සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ විශාල වෙනසක් ඇති කරමින් සිදු කල කොළඔ වරාය නගරයද නව සිතියමට ඇතුලත් කරන බව සදහන් වේ.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද සඳහන්. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් නව සිතියම සකස් කරන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බව මිණුම්පතිවරයා පවසයි.

Related posts

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday