Colombo Today Local News

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

පසුගිය 2017 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී රජයේ අතිරේක වියදම් පියවා ගැනීම සදහා රුපියල් බිලියන 14ක සහ රුපියල් බිලියන 86 බැගින් රුපියල් බිලියන 100ට ආසන්න පරිපූරක ඇස්තමේන්තු දෙකක් පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මස 1දා සිට 30දා දක්වා අතිරේක වියදම් කළ රුපියල් 14078711782ක මුදලක් එක් පරිපූරක ඇස්තමේන්තුවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එහි පුනරාවර්තන ලෙස රුපියල් 7964859892ක් මූල ධන ලෙස රුපියල් 6113851890ක් ලෙස අතිරේක මුදලක් වියදම් කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 1දා සිට 29 දක්වා රුපියල් 86570311665ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමත කර ගැනීමට ඉදිරිපත් කර ඇති අතර ඒ යටතේ පුනරාවර්තන ලෙස රුපියල් මිලියන 49299744681ක මුදලක් සහ මූලධන ලෙස රුපියල් 37270566984ක මුදලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඇස්තමේන්තු දෙක මගින්ම අනුමත කිරීමට අපේක්ෂාකර ඇති මුදල රුපියල් 100649023447කි. ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ආයතනයන්හි පුද්ගල පඩිනඩි ගෙවීමටය. විදෙස් ගමන් සඳහා මෙලෙස පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

Related posts

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

colombotoday

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

උදෑසන 6 සිට ඇඳිරි නිතිය ඉවතට

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday