Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට අත්සන් තබා තිබෙන්නේ ජනාධිපතිවරයා නිසා එහි වගකීම මුළුමනින්ම භාර ගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (19 දා) පැවසුවේය.

රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මත අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ලෙස පත් කළේ ජනාධිපතිවරයා විසින් බව අගමැතිවරයා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇතැයිද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

“2015 ජනවාරියේ නව ආණ්‌ඩුව පිහිට වූ පසුව මහ බැංකු අධිපති ධුරයට මහේන්ද්‍රන් මහතා පත් කළ යුතු බවට ආණ්‌ඩුව තුළ පොදු එකඟතාවක්‌ තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කළා. මහේන්ද්‍රන් ඊට වඩාත් සුදුසුම පුද්ගලයා බවට ඔහු එකඟ වුණා. ඒ අනුව මගේ එකඟත්වය සහිතව මුදල් ඇමැතිවරයා ජනාධිපතිවරයාට මහේන්ද්‍රන් මහතා පත් කළ යුතු බවට නිර්දේශ කළා. මේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කළා.” යෑයි අගමැතිවරයා කොමිසම හමුවේ පිළිතුරු දී තිබෙනවා. ඒ අනුව මේ පත් කිරීම කර තිබෙන්නේ ජනාධිපතිවරයායි. පුරවැසියකු නොවන අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට තීරණය කළ අය ගැන කොමිසම විමතිය පළ කර තිබෙනවා යෑයිද හඳුන්නෙත්ති මහතා කීවේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හඳුන්නෙත්ති මහතා මේ බව කියා සිටියේය.

Related posts

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

කිරි පිටි විසයිනම් ආනයනය වහාම නවත්වන්න – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

මෛත්‍රී – මහින්ද ඝාතන සැලසුම ගැන කී ඉන්දියානුවා මානසික ලෙඩක් – ඉන්දීය තානාපති කාර්යාලය කියයි

colombotoday

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday