Colombo Today Local News

“කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම” | මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටම

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු සන්කීර්ණයේ අද(21)දින පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වී තිබේ.

මේ අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවද මන්ත්‍රී වරුන් පෙන්වා දී ඇත.

කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම බවත්, ඒ නිසා සියලු දෙනාම,මත ගැටුම් පසෙක තබා එක්ව කටයුතු කළ යුතු බවත්,එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

ගෑස්, විදුලිය ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත්, එම ගැටලු නොවිසදා විරෝධතා නතර කළ නොහැකි බවත්, ඔවුන් පෙන්වා දී ඇත.

මතුව ඇති අර්බුදවලට එක්ව මුහුණ දිය නොහැකි නම්, විපක්ෂයට යාම වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දි ඇත.

මේ අතර, ඇමතිධුරවලින් ඉවත්ව වෙනත් පිරිසකට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්ට ස්තුතිය පළ කිරමේ යෝජනාවක් ද එම රැස්වීමේ දී අනුමත වී ඇත.

Related posts

“එක්නැලිගොඩ කොටියාව පැහැරගත්තා කියා මහින්දයි ගෝඨවයි අත්අඩංගුවට ගන්න හදනවා” – මේජර් අජිත් ප්‍රසන්න

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday