Colombo Today Local News

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් නිකුත් කළ අවසන් වාර්තාවේ නිර්දේශ ඇතුළත් ලිපි ගොණුවක් ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉදිරී නීතිමය කටයුතු පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරුණු අතර, එම ලිපිගොණු අගමැතිවරයා අතට පත්ව ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා යැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම පිටු දහසකට වැඩි වාර්තාවක් පසුගිය දෙසැම්බර් මස 30දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබුවද මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැති අතර එහි පිටපතක් අගමැතිවරයාට හෝ ලබාදී නොතිබිණ.

තමන් අතට පත්වූ බැදුම්කර කොමිසමේ නිර්දේශ ඇතුළත් පිටපත සම්බන්ධයෙන් අගමැතිවරයා නීති විශාරදයක් කිහිප දෙනෙකු කැදවා උපදෙස් ලබාගෙන ඇති බවත්, ඒ පිළිබදව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින ආයතනයක් බැවින් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරි නීතියමය කටයුතුවලදි යම් ගැටළු පැනනැගිය හැකි බැවින් එම දෙපාර්තමේන්තුව වහාම ජනධිපතිවරයා යටතට පවරා ගන්නැයි, භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන්, සිවිල් සංවිධාන ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද මාධ්‍ය වාර්තා පලවිනි.

Related posts

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

colombotoday

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday