හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා 2020 දී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරනයේදී ජනාධිපති කිරීමට රටම සූදානමින් සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාව අනුව නැවත වතාවක් ජනාධිපති වීමට නොහැති මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසු නැවතත් මෙරට විධායක අගමැති ලෙස පත්වනු ඇති බවද ඔහු සදහන් කලේය.
පොලොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පල කලේය.