ඒකාබද්ද විපක්ෂය හා හ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ‘පුටුව’ ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණින් තරග කරනු ඇති බව සති අන්ත ලක්බිම පුවත්පත පවසයි.
දෙපාර්ෂවයේ නියෝජිතයන් අතර බ්රහස්පතින්දා දිනයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවත් එහි සදහන්ය. මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයමී සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනු ඇති බවද සදහන්ය.
හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලෙස කටයුතු කරන අතර මැතිවණය මෙහෙයවීම ඔහු යටතේ සිදුවනු ඇති බවද සදහන්ය.