Colombo Today Local News

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය උර 9 ක, ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ බව නාවික හමුදාව පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී තිබේ.

මේ අතර පසුගිය දා ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ද නාවික හමුදාව සමත්විය.

Related posts

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

නාවික හමුදාපති අගමැති හමුවෙයි !

colombotoday

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday