Colombo Today Local News

දේශපාලනඥයන්ගේ දුරකථන ටැෆ් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් – මරික්කාර්

දේශපාලනඥයින්ට දේශපාලනය පමණක් නොව යම්කිසි පෞද්ගලිකත්වයත් පවතින නිසා, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ දුරකතන ටැෆ් කිරීමට උත්සහයක් පවතීනම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

“කොප් කමිටුවේ ඉන්න සාමාජිකයින් බැදුම්බර චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝසියස් එක්ක කෝප්කමිටුවේ කාල සීමාව තුළ දුරකතන සංවාද හා පෞද්ගලික සම්බන්ධකම් තියා ගත්තා නම් ඒක වැරදියි. හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි රාජපක්ෂ ආණ්ඩුව අපි පෙරළෙව්වේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස සාමය සුරක්ෂිත කරන්න. හැබැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දන්නේ නැතිව මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවානම්, මේක රාජපක්ෂ යුගයට එහා ගිය භීතියක් උපදවන දෙයක්.

රටේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටෙලි‍ෆෝන් ටැප් කරනවානම් වැරදියි. දේශපානඥයින්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. දේශපාලන කාරණා කතා කරන්න පුලුවන් පුද්ගලික කාරණා කතා කරන්න පුලුවන් . ඒ නිසා මෙහෙම ටෙලිෆෝන් ටැෆ් කරනවාම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්”

යැයි මන්ත්‍රීවරයා කියා සිටියේ හිඹුටු උයන නිවාස සංකීර්ණයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

colombotoday

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday