Colombo Today Local News

ඌව මහ ඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි.. කම්කරු ඇමති ගල් අරක්කු මිල බස්සන්න කියයි !

බියර් මිල අඩු කිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන සහනයක් සලසා දෙන්නැයි කම්මරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අයවැය දෙවනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

බියර් මිල අඩුකිරීමෙන් කසිප්පු බොන එක අඩුකළ නොහැකි බවත්, ගල් අරක්කු මිල වැඩිවීම නිසා දුප්පත් කම්කරුවන්, සාමාන්‍ය කුලී වැඩ කරන අය කසිප්පු ඇතුළු විෂ මත්පැන්වලට යොමුවී ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර බියර් මිල අඩු කිරීමෙන් ගම්බද ජනතාවට සෙතක් නොවන බවත්, ගම්බද ජනතාව හුරුවී සිටින කිතුල් රා බීමේ පහසුකම් තවත් වැඩිකළ යුතු බවත් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා කියා සිටී.

ඒ මහතා මේ බව පැවසුවේ පස්සර දී අද (12) පැවැති පාක්ෂිකයන්ගේ හමුවකදීය.

“ඌව පළාත වගේ අපේ ගම්මානවල මිනිස්සු බියර් බොන්නේ නැහැ . කසිප්පු බොන්නෙත් හොඳ මත්පැන් පහසු මිලට නැති නිසයි .අපේ මිනිස්සු රජකාලේ ඉඳන් පුරුදු වෙලා ඉන්න කිතුල් රා ටිකක් බොන්න දෙනවා නම් තමයි හොඳ.එතකොට උන්දලාගේ මන දොලත් පිරෙනවා සෞඛ්‍යයත් හරි යනවා. යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Related posts

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට එයි

Admin

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday