Colombo Today Local News

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වා ඇති ප‍්‍රමිතියෙන් බාල පෙට‍්‍රල් තොගය බාර ගන්නා ලෙස තමනට දැඩි දේශපාලන බලපැම් එල්ල වූ බව ඛණිජ තෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

එම තෙල් තොගය බාර ගන්නැයි ඇතැම් ව්‍යාපාරිකයන් තමනට මුදල් සංතෝෂම් දෙන්නට ආ බවත් ඇමතිවරයා සදහන් කරයි.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කෙල් අර්බුදය හේතුවෙන් වූ පීඩාවට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

යම් හෙයකින් එම තෙල් තොගය බාර ගත්තේ නම් දැනට ඇති අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇතිවන බවද කී ඇමති අර්ජුන මේ වන විටත් එම තෙල් නැව ශ‍්‍රී ලංකාවට කෙසේ හෝ ගෙඩබැමේ අරමුණින් ශ‍්‍රි ලංකාව ආසන්නයේම රදවා තිබෙන බවත් පැවසීය.

Related posts

හිටපු නීතිපති වෙනුවට නීතිඥයෙක් TIDය හමුවට

Admin

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday

දොස්තරලා කියා ලොකුද !.. “සියළු වෘත්තිකයන් එක සමානයි“ – අගමැතිගෙන් ෆේස්බුක් ප්‍රකාශයක්

colombotoday

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

colombotoday