Colombo Today Local News

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

නෙවිල් ප්‍රනාන්දු මහතා සහ එම පවුලට තිබූ හිමිකාරිත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය ප්‍රශංසනීය වන අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ඇතුළත් ලියවිල්ල නීතිගත කිරීම වැදගත් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

නව ආයතනයෙන් රාජ්‍ය ව්‍යූහයට යමක් විය යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව ද ඔහු කීය.

රාජ්‍ය යෝජනාවල අපහැදිලි තැන් නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම කීය.

Related posts

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday