Colombo Today Local News

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

ආයෝජන මණ්‌ඩලයේ අවසරය යොදාගෙන මෙරටට පැමිණ සිටින ඉන්දියානු පාවහන් කර්මාන්ත ආයතනයක්‌ ඔවුන් නිපදවන සෙරෙප්පු සහ සපත්තු ශ්‍රී ලංකාව තුළ විකිණීමට පටන්ගෙන ඇති අතර එමගින් ශ්‍රී ලාංකික පාවහන් කර්මාන්තය බලවත් අර්බුදයකට පත්ව ඇත.

වීක්‌සි ස්‌ලිපර්ස්‌ ලංකා පුද්ගලික සමාගම යන නමින් මෙරට ක්‍රියාත්මක වන එම පාවහන් සමාගම වීක්‌සි ඉන්දියා නමැති සමාගමේ ශාඛාවකි. එහි නිෂ්පාදනාගාරය මීගමුවේ පිහිටුවා ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදන සංගමය සඳහන් කරන පරිදි වීක්‌සි ඉන්දියා සමාගම ඉන්දියානු වෙළෙඳපොළ තුළද දැවැන්තයෙකි.

දිනකට පාවහන් ජෝඩු එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ නිපදවීමේ හැකියාව එම සමාගමට ඇත. ඒ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර යනාදිය සම්බන්ධයෙන් මෙම සමාගමට විශාල බල අධිකාරියක්‌ ඇති අතර එය ශ්‍රී ලංකාවේ සෙරෙප්පු සහ පාවහන් නිෂ්පාදකයන්ට විශාල බලපෑමක්‌ වනු ඇත. එපමණක්‌ නොව වීක්‌සි සමාගමේ මිල අඩු නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියයනු ඇතැයිද ව්‍යාපාරික ප්‍රජාව පවසති.

වීක්‌සි සමාගම මෙරටට පැමිණ ඇත්තේ ඩොලර් 2,50,000 ක්‌ වැනි ඉතා සුළු ආයෝජනයක්‌ සමගය. මේ සුළු මුදල හරහා දේශීය පාවහන් නිෂ්පාදනය මරා දමන්නට ඔවුන්ට හැකිවීම ෙ€දජනක තත්ත්වයක්‌ බවද පාවහන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

වීක්‌සි සමාගමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ අක්‍රමිකතාවක්‌ සිදුව තිබේද යන ප්‍රශ්නය මේ දිනවල වාණිජ ලෝකයේ කතාබහට ලක්‌ව ඇත.

Related posts

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

නම්බු පිටින් නොගියොත් පිං ඇමතිලා එළවනවා – ජනපතිගෙන් සමාව යැදි මරික්කාර් යලිත් කටමැත දොඩවයි

colombotoday