Colombo Today Local News

20 වන සංශෝධනයට ජනමතවිචාරණයක් අනිවාර්යයි – ශ්‍රේෂ්ඨාධිකාරණය තීන්දු කරයි !

පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා යෝජනා කරන 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයක් උවමනා බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බව ආණ්ඩුවට සමීප වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

නීති ක්‍ෂෙත‍්‍ර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවල තව දුරටත් සදහන්ව ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බලමින් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ 2-1ක් ලෙස වන මෙම තීන්දුව ගැන දැනටමත් කතානායකවරයාට දන්වා ඇති අතර 20 වන දා මෙම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බවද සදහන්ය.

මේ තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඊයේ (15) රාත්‍රියේ හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද එම වාර්තා සදහන් කරයි.

Related posts

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin