දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන සිදු කලහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ගුණාත්මක දුම්රිය සේවයක් සඳහා සියලූ වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහය ලබා දිය යුතු බවයද හෙතෙම කියා සිටී.
තමන් ප‍්‍රවාහන අමාත්‍ය ධුරයට පත් වූ පසු වෘත්තීය සමිති ගැටළු රැසක් විසඳූ බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.